කොහොමද යාළුවනේ...!
ඔන්න අද මං කතාකරන්න යන්නේ, විදුලි උපාංග සම්බන්ධ කරන ආකාර පිළිබදවයි. ඉතින් අපිට මේක ප්‍රධාන වශයෙන් කොටස් 2කට බෙදන්න පුළුවන්. එනම් එම ක්‍රම 2ක වන්නේ.
- ශ්‍රේණිගත ක්‍රමය
- සමාන්තරගත ක්‍රමය
ශ්‍රේණිගත පරිපථ (Serial Circuit)
'ශ්‍රේණිගත පරිපථ' නැතිනම් ශ්‍රේණිගත ආකාරයට විදුලි උපාංග සම්බන්ධ කරනවා කියලා කියන්නේ, දම්වැලක ආකාරයට විදුලි උපාංග එක පෙලට සම්බන්ධ කිරීමටයි. මෙහිදි විදුලි සැපයුමෙන් ලැබෙන විදුලි ධාරාව බෙදි නොයා, එක් මාර්ගයක් ඔස්සේ පමණක් ගමන් කිරීම විශේෂ ලක්ෂණයක් වෙනවා..
ඉහත රූපයෙන් ඕගොල්ලන්ට දැකගන්න පුළුවන් ශ්‍රේණිගත ආකාරයට සවිකල සූත්‍රිකා විදුලි බුබුළු 4ක රූපයක්. මෙහිදි විදුලි සැපයුමෙන් ලැබෙන විදුලි ධාරාවට, ගලායාමට තිබෙන්නේ එක් මාර්ගයක් විතරයි. මේනිසා විදුලි ධාරාව බෙදී නොයා, සියළුම බල්බ හරහා එකම ධාරාවක් ලෙස ගලායාම සිදුවෙනවා.
- එවගේම ශ්‍රේණීගත ආකාරයට විදුලි බුබුළු වැනි උපකරණ සම්බන්ධ කලවිට, ඒ සියළුම උපකරණ හරහා ගලායන්නේ එකම විදුලි ධාරාවක් නිසා, විදුලි සැපයුමෙන් ලැබෙන ධාරා(A) ප්‍රමාණයම තමා ඒ සියල්ල හරහා ගලායන්නේ. නමුත් විදුලි සැපයුමෙන් ලැබෙන වෝල්ටීයතාවය(V) එම එක් එක් උපකරණය අතරේ බෙදීයාමක් සිදුවෙනවා. එම නිසා විදුලි බල්බ විශාල ප්‍රමාණයක් ශ්‍රේණිගතව විදුලි සැපයුමකට සම්බන්ධ කලවිට එම බල්බ වලට ලැබෙන වෝල්ටීයතාවය අඩුවීමෙන්, ඒවායින් ලැබෙන ආලෝක ප්‍රමාණය අඩුවෙන්න පුළුවන්. ඒනිසා අපි විදුලි සැපයුමෙන් ලැබෙන වෝල්ටීයතාවයට අනුව යොදන බල්බ ගණන තීරණය කලයුතු වෙනවා..
ඉහත රූපයෙන් ඕගොල්ලන්ට බලාගන්න පුළුවන් 3Vක වෝල්ටීයතාවයක් හා 500mAක පමණ ධාරාවක් අවශ්‍ය බල්බ 4ක් ශ්‍රේණිගතව 12V විදුලි සැපයුමකට සවිකර ඇති ආකාරය.
මෙහිදි 12V සැපයුමෙන් ලැබෙන වෝල්ටීයතාවය බල්බ 4 අතරේ බෙදීයාම නිසා, එක් බල්බයකට 3Vක පමණ වෝල්ටීයතාවයක් ලැබෙනවා. එවගේම එක් බල්බයක් දැල්වීමට අවශ්‍ය ධාරා ප්‍රමාණය වෙන්නේ 500mAක් වන නිසා මේ ආකාරයට ශ්‍රේණිගතව සවිකල බල්බ 4ට වැයවෙන්නේ 500mAක් පමණයි. ඒනිසා මේ ක්‍රමයෙන් අපිට යම් තරමක විදුලි අරපිරිමැස්මකුත් ලැබෙනවා.
- එවගේම මේ ආකාරයට ශ්‍රේණීගතව බල්බ වැනි දෑ සවිකරන විට. එම බල්බ සියල්ල එකම වර්ගයේ, එකම ධාරා ප්‍රමාණයන් ලබාගන්නා ඒවා විය යුතුයි. නැතිනම් මේ ආකාරයට පේළියට සවිකල බල්බ වල දීප්තියේ වෙනස් වීමක් අපිට දැකගන්න පුළුවන්.ගොඩක් වෙලාවට අපිට මේ වෙනස්වීම් දැකගන්න පුළුවන් වෙන්නේ, කඩවල් කිහිපයකින් ලබාගත් LED බල්බ මේ විදියට ශ්‍රේණිගතව සවිකර විදුලිය සැපයුවිටයි. ඒනිසා LED බල්බ වැනි දෑ ශ්‍රේණිගතව සවිකරන විට එක සමාන බල්බ යෙදීමට සැලකිලිමත් වන්න....
= 240V
12V
= 20
එතකොට අපිට උත්තරේ විදියට 20ක් ලැබෙනවා. ඒ කියන්නේ 240V විදුලියෙන් 12V බල්බ 20ක් පමණ එහි උපරිම දීප්තියෙන් යුතුව දැල්විය හැකි බවයි. මෙහිදි මෙම බල්බ ගණන 20ට වඩා වැඩි කලොත් ඒවායේ දීප්තිය අඩුවන අතර,බල්බ ගණන 20ට වඩා අඩු කලොත් බල්බ
දැවීයාමට හැකි බවද මතක තබාගන්න....
එහෙනම් දැන් මෙච්චර වෙලා ශ්‍රේණීගතව බල්බ සම්බන්ධ කරන ආකාරය ගැන කතාකලානේ. ඒ නිසා දැන් අපි ශ්‍රේණිගතව විදුලි කෝෂ සවිකරන ආකාරය ගැන කතාකරමු..
ශ්‍රේණිගතව කෝෂ සම්බන්ධ කිරීම (Serial Battery)
වියලි කෝෂ නැතිනම් විදුලිය ආරෝපණය කර තබාගත හැකි කෝෂ 2ක් හෝ කිහිපයක් එකිනෙකට සම්බන්ධ කරතැනු ඒකකයකට තමා අපි "බැටරියක්" කියලා කියන්නේ. ඉතින් මේ බැටරි ඇතුලේ ඇති කෝෂ (Cell) එකිනෙකට සම්බන්ධ කරන ප්‍රධාන ආකාර 2ක් පවතිනවා. ඒවා නම් මීට පෙර පැවසු 'ශ්‍රේණීගත ආකාරය' හා 'සමාන්තරගත ආකාරය' යන ආකාර දෙකයි. මෙයින් අද ලිපියෙන් මම කෝෂ ශ්‍රේණිගතව සම්බන්ධ කිරීම ගැන කරුණු ටිකක් කතාකරන්නම්..
ඉහත රූපයේ පරිදි එක් කෝෂයක ධන(+) අග්‍රය අනෙක් කෝෂයේ ඍණ(-) අග්‍රයට සම්බන්ධ වන ආකාරයට කෝෂ සම්බන්ධ කිරීම අපි 'කෝෂ ශ්‍රේණිගතව' සම්බන්ධ කරනවා කියා හදුන්වනවා.
මේ ආකාරයට කෝෂ එකිනෙකට සම්බන්ධ කලවිට එක් එක් කෝෂයේ ඇති වෝල්ටීයතා අගයන් එකිනෙකට එකතු වී, අවසාන වශයෙන් වැඩි වෝල්ටීයතාවයක් අපට මෙම බැටරියෙන් ලබාගන්න පුළුවන්..
නමුත් මෙම බැටරියේ ඇති ධාරිතා ප්‍රමාණය එක කෝෂයක ඇති ධාරිතා ප්‍රමාණයට සමාන වෙනවා. ඒනිසා වැඩි ධාරාවක් මේ විදියට කෝෂ ශ්‍රේණිගතව පමණක් සවිකල බැටරියකින් ලබාගැනීමට අපට හැකියාවක් ලැබෙන්නේ නෑ..
නිදසුන්.....
අපි හිතමු 1.5Vක වෝල්ටීයතාවක් හා 500mAක ධාරිතාවක් ඇති කෝෂ 3ක් ශ්‍රේණිගතව සවිකරලා බැටරියක් හදාගත්තා කියලා. එතකොට අපිට ඒ බැටරියෙන් මුළු වෝල්ටීයතාවය ලෙස 4.5Vක් ලබාගන්න පුළුවන්. නමුත් එම බැටරියේ ධාරිතාව වෙන්නේ, එක් කෝෂයක තිබූ ධාරිතාව වන 500mAක් විතරයි..
අපිට මේ විදියට බැටරියක වෝල්ටීයතාව ශ්‍රේණිගතව කෝෂ සවිකිරීම මගින් වැඩිකරන්න පුළුවන් වගේම, කෝෂ සමාන්තරගතව සවිකරලා එම බැටරියක ධාරිතාව වැඩිකරගන්නත් පුළුවන්.
ඉතින් මේ 'සමාන්තරගත ක්‍රමය' ගැන මං ඊළඟ ලිපියෙන් ඕගොල්ලන්ට වැඩිදුර විස්තර කියන්නම්කෝ., එහෙනම් අද ලිපිය නම් අවසානයි..
මේ ගැන ඕගොල්ලන්ගෙ අදහස්, යෝජනා, චෝදනා Comment එකකින් දක්වලා මාව දිරිමත් කරලම යන්නකෝ...
🔰 කතෘ අයිතිය : Electronic පන්තිය
තවත් ඔබට වැදගත් ලිපියකින් නැවත හමුවෙමු.
එතෙක් ඔබට සුභ දවසක්..!
Electronic ලෝකයේ🌏 දැනුම බෙදාගන්න එන්න අපත් සමග එකතුවෙන්න.!!❤
මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා චෝදනා, සහ අඩුපාඩු comment හරහා යොමු කරන්න අමතක කරන්න එපා.
Ela mcn. Thanks
ReplyDeleteComment එකට ස්තුතියි සහෝ..
Deletethanks good work mcn - http://slengineering.blogspot.com
ReplyDelete@Tharindu Chathuranga
Deletethankz machan comment ekata.....
බ්ලොග් එක හොදයි දිගටම කරගෙන යන්න මේ වගේ දේවල් දාන එක ගොඩක් වටිනවා
ReplyDeletethankz, මචෝ Comment එකට...
Deletehttp://adf.ly/1FxcuW
ReplyDeletecircuit tikakuth dhaanna...
ReplyDeleteOk macho............... thankz comment ekata.
Deleteekmanata....
ReplyDelete@sl Lakshan, පොඩ්ඩක් ඉවසපන් මචෝ..
Deleteදැන් කොච්චර වෙලා ඉවසුවද?......
DeleteThanks..............!
ReplyDelete@Ajith Kumara
DeleteThankz comment ekata........
Ado patta wadak aaaaaaaaaaaaaaaaa.
ReplyDeleteThawa dapan
අනිවා සහෝ...
DeleteElaaama machoo gogakh
ReplyDeleteනියමයි.
ReplyDeletethanks aiye niyamai //godak dewal egena gaththa!! elama
ReplyDeleteela
ReplyDelete