රූපවාහිනීයේ ඉතිහාසය ගැන ඔබ දන්නවාද? - Do you know the history of television?

0

 

Evolution of Television

අද වන විට රූපවාහිනීය යනු ඉතා සරල, ලොව පුරා නිවාස, කාර්යාල ආදී ස්ථාන වල බිලියන ගණනක් දෙනා බාවිතා වන අත්‍යවශ්‍යම ඉලෙක්ට්‍රොණික උපාංගයක් බවට පත් වී ඇත. එහෙත් මීට වසර 100 කට පමණ පෙර කාලය සැලකීමේදී  රූපවාහිනිය යනු කුමක්දැයි කිසිවෙකු හෝ දැන සිටියේ නැත. ඇත්ත වශයෙන්ම කිවහොත්,අප අද සෑම දෙනාම රූපවාහිනි යන්ත්‍ර බාවිතා කලද 1947 දී පමණ රූපවාහිනි යන්ත්‍ර බාවිතය සදහා අයිතිය හිමිවූයේ වරප්‍රසාදලත් ඇමරිකානුවන්ට පමණි. නමුත් මෙලෙස ඉතා සුලු පිරිසක් පමණක් භාවිතා කරනු ලැබු මෙම මෙවලම, ඉතා කෙටි කාලයක් තුල විවිධ වෙනස් කම් වලට ලක්වෙමින්  ලොව පුරා  මිනිසුන්ගේ විසිත්ත කාමරයේ  ප්‍රධාන තැනක් හිමි කරගත් මෙවලමක් දක්වා සංවර්ධනය වූයේ  කෙලෙසද?

අප රූපවාහිනීය (TV එක) ලෙස සදහන් කල පමණින් අපට හැගෙන්නේ අප අද භාවිතා කරනු ලබන විදුලියෙන් ක්‍රියාත්මක වන විද්‍යුත් රූපවාහිනීය වේ.එහෙත් රූපවාහිනියේ ඉතිහාසය සොයාගෙන යෑමේදී ප්‍රථම රූපවාහිනීය ලෙස හමුවන්නේ 1800 - 1900 කාල වකවානු වලදී බාවිතාකරන ලද යාන්ත්‍රක රූපවාහිනීය යි.මෙහිදී සිදු කරනු ලබන්නේ යාන්ත්‍රක ක්‍රමයක් මගින් ජායාරූපය ස්කෑන් කිරීම සිදුකර ඉන් අනතුරුව එම රූප තිරයකට සම්ප්‍රේෂණය කිරීම වේ. මේ සදහා මූලික පදනම වැටෙන්නේ  නිප්කෝ විසින් නිර්මාණය කරන ලද විදුලි දුරේක්ෂය මගින් වේ.

1800 යේ මුල් භාගයේ පෝල් ගොට්ලීබ් නිප්කෝ විසින් භ්‍රමණය වන සිදුරු සහිත ලෝහ තැටියක් භාවිතා කරමින් වයර් හරහා රූප යැවීම සිදුකර ඇත.මෙම උපාංගය නිප්කෝව් විසින්  හැඳින්වූයේ “විදුලි දුරේක්ෂය” ලෙසිනි.

පෝල් ගොට්ලීබ් නිප්කෝගේ “විදුලි දුරේක්ෂය”

නිප්කෝ විසින් සොයාගත් මෙම උපාංගය තව දුරටත් වැඩි දියුණු කර 1920 ගණන් වල මුල් භාගයේදී ස්කොට්ලන්ත ජාතිකයකු වන ජෝන් ලොජි බෙයාඩ් විසින් පළමු වරට වයර් රහිතව රූප යැවීම සිදුකර ඒවා දර්ශනය කල හැකි උපකරනයක් නිර්මාණය කරන ලදී. බෙයාඩ් විසින් මෙම උපකරනය නම් කරනු ලැබුවේ ටෙලිවයිසරය (Baird Televisor) නමින් වේ.

ජෝන් ලොජි බෙයාඩ් සහ ඔහුගේ ටෙලිවයිසරය

බෙයාඩ් විසින් පර්යේෂණ සිදුකරනු ලැබුවේ චලනය වන දසුන් යම් දුරකට සම්ප්‍රේෂණය කිරීම හා නැවත එම දසුන් තවත් ස්ථානයක සිට ග්‍රහණය කර ඒවා නැවත දර්ෂනය කලහැකි උපකරනයක් නිර්මාණය කිරීම පිළිබදව වේ. ටෙලිවයිසරය නිර්මාණය සිදුවන්නේ මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වේ. මෙහිදී  චලනය වන දසුනක් යම් දුරකට සම්ප්‍රේෂණය කරගැනීමට හැකි උවද මෙම චලන රූප අපහැදිලි ඒවා විය.

අපැහැදිලි චලන රූප

කෙසේවෙතත් මෙම උපකරණය මගින්  සිතූ තරම් සාර්ථක රූප දර්ෂණය කරගැනීමට හැකි නොවුනද, මෙලෙස චලන රූප සම්ප්‍රේෂණය කලහැකි බවට ක්‍රමවේදයක් මෙම උපකරයත් සමග ‍ලොවට හදුන්වාදෙනු ලැබීය.ඇත්තෙන්ම අප අද බාවිතා කරනු ලබන රූපවාහීනී තාක්ෂණය  සදහා වූ මංපෙත් විවර වන්නේ මෙම උපකරනය නිර්මාණය කිරීමත් සමග වේ. මේ නිසාම රූපවාහිනිය සොයාගැනීමේ  ගෞරවය හිමිවන්නේ ද ජෝන් ලොජි බෙයාඩ් ට වේ.
 
ඉන්පසු රුසියානු ජාතික බොරිස් රෝසිං සහ බ්‍රිතාන්‍යය ජාතික ඒ.ඒ. කැම්බල් විසින් බෙයාඩ් විසින් නිර්මාණය කල රූපවාහීනී තාක්ෂණයම උපයෝගී කරගෙන නව රූපවාහිනී පද්ධතියක් නිර්මාණය කළේය. මෙහිදී ද රූප ස්කෑන් කිරීම සදහා  යාන්ත්‍රි ක්‍රමය අනුගමනය කරන ලදී. එහෙත් රූප දර්ණය කරන කොටස භ්‍රමණය වන ලෝහ තැටි ක්‍රමය වෙනුවට  කැතෝඩ කිරණ නලයක් යොදාගැනීම සිදුකරන ලදී. මෙම සොයාගැනීම ද රූපවාහිනී තාක්ෂනයේ ඉදිරි ගමනට මනා පිටුවහලක් විය.

මෙලෙස විවිධ සොයාගැනීම් සිදුකරමින් බෙයාර්ඩ්ගේ තාක්ෂණය අනුව රූපවාහිනී සම්ප්‍රේෂණ කටයුතු   1937 පමණ වන තෙක් සිදුවිය. එහෙත් මෙම තාක්ෂණය අනුව රූපවාහිනී සම්ප්‍රේෂණ සිදු කිරීමේ දී හා වැඩි දියුණු  කිරීමේදී  ගැටලු රාෂියකට මුහුන දීමට සිදුවිය.එසේම මෙම කාලයේදීම අනෙක් පසින්  ඉලෙක්ට්‍රෝණික තාක්ෂණයේ දියුණුව ඉතා වේගයන් සිදුවිය. ඒ අනුව බෙයාර්ඩ්ගේ තාක්ෂණය අනුව යාන්ත්‍රිකව සිදු කළ රූපවාහිනී දසුන් සම්ප්‍රේෂණය ඉලෙක්ට්‍රොනික තාක්ෂණය යොදාගෙන ඉතා පහසුවෙන් හා කාර්යක්ෂම සිදුකළ හැකි බව ඉක්මණින්ම සොයා ගැණුනි. මේ නිසාම බෙයාර්ඩ්ගේ ක්‍රමවේදය අකාර්යක්ෂම හා යල්පැණ ගිය තාක්ෂණයක් විය. එමනිසා බෙයාර්ඩ්ගේ රූපවාහිනී සම්ප්‍රේෂණ ක්‍රමවේදය භාවිතයෙන් අත්හැර ඉලෙක්ට්‍රෝණික තාක්ෂණ ක්‍රමවේදය භාවිතා කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඉලෙක්ට්‍රෝණික රූපවාහිනීය බිහිවිය.

තවත් ඔබට වැදගත් ලිපියකින් නැවත හමුවෙමු.

එතෙක් ඔබට සුභ දවසක්..!

Electronic ලෝකයේ🌏 දැනුම බෙදාගන්න එන්න අපත් සමග එකතුවෙන්න.!!❤

මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා චෝදනා, සහ අඩුපාඩු comment හරහා යොමු කරන්න අමතක කරන්න එපා.

👇References : 

🔰 Senro-Tech


Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.
Post a Comment