ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ ඉතිහාසය - History of the Power Sector in Sri Lanka

0
විදුලි බලය යනු එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු කරගැනීම සඳහා අත්‍යවශ්‍යම සාධකයකි. ඉතිහාසය දෙස හැරී බැලූ කල ලෝකයේ විදුලිබලයේ ආරම්භය 1881 ජූනි 26වන දින එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයෙන්ය. එසමයෙහි බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක්ව පැවති ශ්‍රී ලංකාවේ කොළඹ වරායට 1882 වර්ෂයේදී යාත්‍රා කළා වූ එස්එස් හේලියෝස් (SS Helios) නම් නෞකාවේ ප්‍රථම වරට විදුලිබලය දැකගැනීමට අප රටට අවස්ථාව උදාවිය.

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයක් වූ බැවින් එමනිසා ලංකාවටද විදුලිබලය හිමිවිය. 1890 වර්ශයේ ඩීසල් විදුලි ජනක යන්ත්‍රයක් භාවිත කරමින් ශ්‍රී ලංකාව තුළ ප්‍රථම විදුලි බල්බය දල්වන ලද්දේය. ඒ කොළඹ කොටුවේ බ්‍රිස්ටල් හෝටලයේ බිලියඩ් කාමරය තුළය. මේ හැරුණුවිට පසුකාලීනව බ්‍රිතාන්‍යයන් විසින් පවත්වාගෙන යන ලද ඔවුන්ගේ වැවිලි වතුයායන් (plantation estates)වල ද විදුලිබලය භාවිතා වූ බවට සාක්ෂි ඇත.

1895 වර්ෂයේ බූස්ටඩ් සහෝදරයෝ ආයතනය විසින් කොළඹ දී ප්‍රථම වරට විදුලි සැපයුම සිදු කිරීම අරඹන ලද අතර ශ්‍රී ලංකාවේ විදුලිබල ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් විය. කලම්බො ඉලෙක්ට්‍රික් ට්‍රෑම් වේස් ඇන්ඩ් ලයිටින් සමාගම (CETLC) හා කැන්ඩි ලයිටින් සමාගම විසිවන සියවසේ මුල් දශකය තුළ ඔවුන් විසින්ම තම තමන්ගේ මෙහෙයුම් සඳහා අවශ්‍ය වූ විදුලිබල සැපයුම් සපුරාගන්නා ලද්දේය. 

An electric tram car stop in srilanka
විදුලියෙන් දුවපු ට්‍රෑම් කාර් නැවතුමක්

1905 අවුරුද්දේ පිටකොටුව ගෑස්පහ හන්දියේ කොළඹ ගෑස් සමාගම මඟින් කොටුව බලාගාරය ඉදි කළා. ඒ මඟින් ගෑස් ලාම්පු හරහා කොල්ලුපිටිය දක්වා විදුලිය සැපයීම සිදු කළා. පසුව මේ සමාගම සිලෝන් ඔක්සිජන් නමින් ක්‍රියාත්මක වුණා.

ඉංජිනේරු ඩී.ජේ.විමලසුරේන්ද්‍ර මහතා ඔහු විසින් සිදු කළ ගවේශන මගින් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පැවති ජල විදුලිබල විභවය, එනම් ජල විදුලිබල ජනනයට ඇති හැකියාව හා ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ අනාගතයට එහි ඇති වැදගත්කම 1918 වර්ෂයේදී හඳුනාගත්තේය. එතුමන් පසුකාලීනව ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ දියුණුවට කැපවී කටයුතු කළ පුරෝගාමියා බවට ද පත්විය.

Engineer  Mr. Wimalasurenda
ඉංජිනේරු ඩී. ජේ. විමලසුරේන්ද්‍ මහතා

දිනෙන් දින වර්ධනය වෙමින් පැවති විදුලි බල ඉල්ලුම සපුරාලීම උදෙසා 1926 වර්ෂයේදී පොදු වැඩ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා යටතේ විදුලිබල ක්ෂේත්‍රය සඳහා වෙන්වූ දෙපාර්තමේන්තුවක් ස්ථාපනය කරන ලදී. 1928 වර්ෂයේදී එවකට පැවති රජය විසින් තාපබල විදුලි බලාගාරයක් ස්ථාපනය කිරීමට තීරණය කරන ලද අතර එය ආණ්ඩුකාර ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි මහතාගේ නමින් නම් කරන ලදී.

1929 වනවිට හර්බර්ට් ස්ටැන්ලි නම් පුද්ගලික බලාගාරයෙන් නිෂ්පාදනය කෙරෙන මෙගාවොට් 03ක විදුලි ධාරිතාව මගින් නගර 16කට විදුලිය බෙදාහැර තිබෙනවා. ඉන් පසු ජලවිදුලි නිෂ්පාදය කෙරෙහි එවකට සිටි ඉංජිනේරුවන්ගේ අවධානය යොමු වුණා.

1935 වර්ෂයේදී ද්විත්ව ස්ථර අය ක්‍රමයක් හඳුන්වා දුන් අතර, එම වර්ෂයේදීම විදුලිබල මණ්ඩල ආඥාපනත යටතේ ශ්‍රී ලංකාවේ විදුලිබල මණ්ඩලය නමින් මණ්ඩලයක් (Electricity Board of Ceylon) ස්ථාපිත කරන ලදී. කෙසේ නමුත් 1936 මාර්තු මස 01 වැනිදා සිට වැඩ ආරම්භ කරන ලද එම මණ්ඩලය 1937 මැයි මස වන විට විසිරුවාහරින ලද්දේ එහි සියළු වගකීම්, කාර්යයන් සහ බැඳීම් රජයේ විදුලිබල පවරාගැනීම් දෙපාර්තමේන්තුව (Department of Government Electrical Undertakings) වෙත පවරමිනි. 

1950 දී, 'ලක්ෂපාන ජල විදුලි බලාගාරය' ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල විදුලිබලාගාරය ලෙස මෙ.වො 25ක ධාරිතාවයකින් යුක්තව ආරම්භ කරන ලද්දේය. ඒ. ඉංජිනේරු ඩී. ජේ. විමලසුරේන්ද්‍රගේ කැපවීමෙන්. ඉන් අනතුරුව විදුලිබල ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවින.

The first Lakshapana hydroelectric power plant was built in Srilanka
මුලින් ම තැනූ ලක්ෂපාන ජල විදුලි බලාගාරය

එවගේම 1969 නොවැම්බර් මස 01 වැනිදා 1969 අංක 17 දරණ පාර්ලිමේන්තු පනත මගින් "ලංකා විදුලිබල මණ්ඩලය" පිහිටුවීමෙන් පසු රටට අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කිරීම, සැපයීම හා බෙදාහැරීම එයට පැවරුණා. විදුලිබල මණ්ඩලය යටතේ කැලණි ගංගා නිම්නයේ ජල විදුලි බලාගාර ගණනාවක් පිහිටැවුණා. 

මහවැලි ජලාශවල මහා පරිමාණ විදුලි බලාගාර ඉදිකෙරුණා. ජල විදුලිය නිෂ්පාදනය ඉතා ලාභදායී කටයුත්තක් වුණා. මේ නිසා විදුලි බල මණ්ඩලයත් ලොකු ලාබයක් ලබන රජයේ ආයතනයක් ලෙස ප්‍රකට වුණා (අද නම් ලංවිම ලොකු පාඩුවක් ලබන බවයි පැවසෙන්නේ). ඉන් පසුව කැලණිතිස්ස, නොරොච්චෝලෙ යන තාප විදුලි බලාගාර ද ඉදි ව තිබෙනවා. ඉතා සුළු විදුලියක් සුළං බලාගාරවලින් ද නිපදවනවා. 

Norochchole Coal Plant in Sri Lanka
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය

ශ්‍රී ලංකාවේ විදුලි බලය සැපයෙන ප්‍රධාන ක්‍රම හතරකි. සුළං විදුලි බලාගාර, ජල විදුලි බලාගාර, තාප විදුලි බලාගාර හා සුර්ය විදුලි බලාගාර වශයෙනි. ශ්‍රී ලංකාවේ දෛනික විදුලි පරිභෝජනය ගිගාවොට් පැය 46කි. ඉන් 43.4%ක් ජල විදුලි බලාගාර තුළින්ද 5%ක් සූර්ය හා සුළං ශක්තියෙන් ද 51.6%ක් තාප විදුලි බලාගාරවලින්ද සපයා ගැනේ.

2020 වන විට මෙරට විදුලි පහසුකමෙන් 100%ක් සම්පූර්ණ කිරීමට විදුලිබල මණ්ඩලය සමත් ව තිබෙන බව වාර්තා වුණා. මේ වන විට මෙරටට දිනකට අවශ්‍ය විදුලිය මෙගාවොට් 3000කට ආසන්නයි.

තවත් ඔබට වැදගත් ලිපියකින් නැවත හමුවෙමු.
එතෙක් ඔබට සුභ දවසක්..!

Electronic ලෝකයේ🌏 දැනුම බෙදාගන්න එන්න අපත් සමග එකතුවෙන්න.!!❤

මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා චෝදනා, සහ අඩුපාඩු comment හරහා යොමු කරන්න අමතක කරන්න එපා.

👇References : 

🔰 ceb.lk

🔰 roar.media


Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.
Post a Comment