අකුණු ඇතිවෙන්නේ කොහොම?

0

 

Lighting (අකුණු ගසන අවස්ථාවක්)
අකුණු ගසන අවස්ථාවක්

#Knowledge: 🥸🧐

තවමත් අකුණු හා අකුණු අනතුරු ගැන අපේ රටේ මිනිස්සුන්ට ලොකු අවබෝධයක් නැති නිසයි මේක ලියන්න හිතුවෙ.⚡️🌩️🌪️🌧️💥


💥සරලවම කිව්වොත් අකුණක් කියන්නෙ වළාකුළක තියෙන ආරෝපණ භූගත වීමක්. ඒත් වළාකුලකට කොහෙන්ද ආරෝපණ? මතකද පොඩි කාලෙ පෑනක් හිසකෙස් වල පිරිමැද්දම ඇතිවන ස්ථිති විද්‍යුත් ආරෝපණය? ඒ වගේම ස්ථිති විද්‍යුත් ආරෝපණ වලින් තමයි වළාකුලත් චාජ් වෙන්නෙ.


💥ඒක හුළඟින් ඇතිවන ඝර්ෂණය නිසා ඇතිවෙන්නත් පුළුවන් වළාකුළු 2ක් එකිනෙක ඇතිල්ලීගෙන යද්දි ඇතිවෙන ඝර්ෂණයෙන් වෙන්නත් පුළුවන්. තවත් හේතුවක් තියෙනවා. අහල ඇතිනෙ රත්වූ වාතය / ජලය එහෙම ඉහළ යනවා, සීතල දේවල් පහළට එනව කියල. ඔය තියරියම වළාකුල ඇතුලෙත් සිද්ධවෙනවා.


💥වළාකුලේ යට හරියෙ තියෙන්නෙ සාපේක්ෂව උණුසුම් ජල වාෂ්ප. වළාකුලේ උඩ හරියෙ තියෙන්නෙ ඉතාම සිසිල් ice crystals. ඉතින් කලින් කිව්වා වගේ ජල වාෂ්ප උඩට යනවා, අයිස් ස්ඵටික යටට එනවා. ඒ එන අතරමගදි මේ දෙගොල්ලො එකිනෙක ඇතිල්ලීගෙනයි එන්නෙ. ඉතින් ඒ ඇතිවෙන ඝර්ෂණය නිසාත් ස්ථිති විද්‍යුත් ආරෝපණ හටගන්නවා.


💥ආරෝපණ කිව්වම ධන (+) ආරෝපණ සහ ඍණ (-) ආරෝපණ 2ම වළාකුලේ විසිරිලා තියෙනවා. මේ විසිරුණු ආරෝපණ වලින් ධන අරෝපණ ටික වළාකුලේ ඉහළට ගිහින් ඍණ ආරෝපණ ටික පහළට ඇවිත් වළාකුල දෙකට බෙදනවා හරියට බැටරියක උඩ පැත්ත ධන හා යට පැත්ත ඍණ වගේ.


💥ඇයි වළාකුලේ පොළොවට ලඟ යට පැත්තම ඍණ වෙන්නෙ? මොකද පෘථිවි පෘෂ්ඨය වළාකුලට සාපේක්ෂව ධන ආරෝපිතයි. ධන කෙනා ලඟට ආකර්ෂණය වෙන්නෙ ඉතින් ඊට විරුද්ධ ඍණ කෙනානෙ. හැබැයි මේ ආරෝපණ බෙදීම නිශ්චිතවම වෙන හැටි ගැන තාමත් හොයාගෙන නෑ.


💥අකුණු වළාකුලක් කිට්ටු වෙද්දි පොළොවෙ තියන ධන ආරෝපණ ටිකත් යකා නටන්න ගන්නවා. මොකද එයත් කැමති සෘණ අයටනෙ. ඉතින් ඒ ධන ආරෝපණ ටිකත් ගස් උඩට, ඇන්ටනා වලට, වහලවල් උඩට, අකුණු සන්නායක උඩට වගේ වළාකුලට ලඟම තැන් වලට පුළුවන් තරම් එකතු වෙනවා. විශේෂයෙන් උල් හා දාර ඇති සන්නායක තුඩු වලට. ගිහින් අර වළාකුලේ තියෙන සෘණ ආරෝපණ තමන් ලඟට එනකල් ආසාවෙන් බලන් ඉන්නවා.


හැබැයි යන්නෙ "පොළොවට සම්බන්ධ" සන්නායක දිගේ.


උදාහරණ : යකඩ දිගේ, කඳු උඩට,


ගස් දිගේ (ගස් ඇතුලෙ වතුර තියෙනවනෙ. වතුර හොඳ සන්නායකයක්),


මිනිස්සු දිගේ (අපේ ශරීරයෙනුත් 70%ක් විතර ජලයනෙ).


💥අකුණු වළාකුලකට වෝල්ට් "මිලියන" 100කට වඩා වැඩි විභවයක් තියාගන්න පුළුවන්. ඒ වගේම කූලෝම් 5ක 15ක වගේ සෘණ ආරෝපණයකුත් තියෙනවා.


💥ඉතින් මේ සෘණ ආරෝපණත් අර ඇන්ටනා උඩට වෙලා තමන් එනතුරු බලන් ඉන්න ධන ආරෝපණ ටික දැක්ක ගමන් ඉක්මණට එයාල ලඟට පනිනවා (ප්‍රභල අකුණකට සැතපුම් කිහිපයක් දුරට පනින්න පුළුවන්).


⚡️ඕකට තමයි සරළව අකුණක් කියන්නෙ.⚡️


💥අකුණක් හටගන්නෙ එක්කො වළාකුළු 2ක් අතර (එක වළාකුලක සෘණ පැත්ත හා තව වළාකුලක ධන පැත්ත අතර පනින පුළිඟුවක් හෙවත් spark එකක් ලෙස). නැත්තං වළාකුලක් හා පොළොව අතර.


💥අකුණු සැරයක උෂ්ණත්වය සෙල්සියස් 20000ට වැඩියි. ඒ උෂ්ණත්වය නිසා අකුණ ගහද්දි ඒ අවට වාතය ක්ෂණිකව ප්‍රසාරණය වෙනවා. ඒක තමයි අපිට අකුණක සද්දෙ විදියට ඇහෙන්නෙ..⚡️🌩️🌪️🌧️💥


©️කතෘ අයිතිය : Rehan Mendis 

👇References :

http://diaryofrehan.blogspot.com/


©️𝑨𝒍𝒍 𝒄𝒓𝒆𝒅𝒊𝒕 𝒈𝒐𝒆𝒔 𝒕𝒐 𝒓𝒆𝒔𝒑𝒆𝒄𝒕𝒊𝒗𝒆 𝒐𝒘𝒏𝒆𝒓 𝒂𝒏𝒅 𝒕𝒉𝒆 𝒑𝒉𝒐𝒕𝒐𝒈𝒓𝒂𝒑𝒉𝒆𝒓 📸


Electronic ලෝකයේ🌏 දැනුම බෙදාගන්න එන්න අපත් සමග එකතුවෙන්න.!!❤❤💪


🔰Follow Us👤: Electronic පන්තිය  🌎📚 

🔰Join Us 📢 : Electronic පන්තිය.  👩‍🎓👩‍💻

🔰Tiktok ID: tiktok.com/@electroclazz

🔰Visit our Website 🔗: www.electroclazz.com


#𝐄𝐥𝐞𝐜𝐭𝐫𝐨𝐧𝐢𝐜_පන්තිය #𝐄𝐥𝐞𝐜𝐭𝐫𝐨𝐂𝐥𝐚𝐳𝐳

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.
Post a Comment