2023 නව වසරේ පළමු කාර්තුවේ විදුලි ගාස්තූ සංශෝධනය - Electricity Tariff Revision in the First Quarter of 2023 in Sri Lanka.

0

 

පසුගිය වසරේ එනම් 2022 අගෝස්තු 10 දින සාමාන්‍ය්‍යක් ලෙස 75% ක පමණ විදුලි ගාස්තු වැඩිවීමක් වුනා කියලා මතක ඇති. ඉන්පසු නොයෙකුත් වාද විවාද වලට පස්සේ ආපහු 66% කින් විදුලි ගාස්තු වැඩිකරන්න මහජන උපයෝගීතා කොමිසම ඊයේ අනුමැතිය දුන්නා කියලත් ඕගොල්ලෝ දන්නවා ඇතිනේ. ඒකත් වහාම ක්‍රියාත්මකවන පරිදි 2023 පෙබරවාරි 15 ඉදන් නව ගාස්තු සංශෝදනය ක්‍රියාත්මකවෙනවා.

ඒඅනුව විදුලි ගාස්තු සංශෝදනය එක් එක් විදුලි පාරිභෝගිකයන් සදහා බලපාන විදිය ගැන අපි බලමු.


ගෘහස්ත පාරිභෝගිකයන් සදහා

ඉතින් මේ නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ඒකක 30 ක් භාවිත කළ නිවසකට විදුලි බිල  261% කින්ද, ඒකක 60 ක් භාවිතා කරන නිවසක විදුලි බිල  276% කින් ද, ඒකක 90 ක් භාවිත කරන නිවසක විදුලි බිල වැඩිවීම 248% කින් ද සහ ඒකක 200 වැඩියෙන් භාවිත කරන නිවසක විදුලි ගාස්තු  32% ලෙස ඉහල නංවා ඇත.

කෙටියෙන් කියනවා නම්,

  • ඒකක 30 ක් භාවිත කළ නිවසට පෙර රු 360 ක බිල ඉදිරියට රු 1300
  • ඒකක 60 ක් භාවිත කළ නිවසට පෙර රු 680  බිල  ඉදිරියට රු 2,560
  • ඒකක 90 ක් භාවිත කළ නිවසට පෙර රු 1800  බිල  ඉදිරියට රු 4430

ලෙස විදුලි බිල වෙනස්වෙනවා.

මෙහිදි නිවෙස්  වල මුල් ඒකක 30ට අදාළව දැනට එක් ඒකකයක් සඳහා අය කරන රුපියල් 8 ක ගාස්තුව රුපියල් 30 දක්වා. එනම් තුන් ගුණයකට ආසන්න මුදලකින්ද,  සහ එහි ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වා වැඩි කර ඇත.

නිවෙස් වල ඒකක 31 සිට 60 දක්වා දැනට එක් ඒකකයකට අය කරන රුපියල් 10 ක ගාස්තුව රුපියල් 37 දක්වා එනම් වැඩි කිරීම හතර ගුණයකට ආසන්නය. එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුවද රුපියල් 550 දක්වා වැඩිකර ඇත.

නිවෙස් වල ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ දැනට අය කරන රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 දක්වා, එනම් වැඩි කිරිල්ල තුන්ගුණයකටත් වඩා වැඩියි. එවගේම එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වා වැඩි කරලා තියෙන්නේ.

නිවෙස් වල ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට සහ ඒකක 121  සිට 180 දක්වා කාණ්ඩයට දැනට අය කරන රුපියල් 50ක ගාස්තුව මෙන්ම ඒකක 181ට වැඩි සෑම ඒකකයක් සඳහා දැනට අය කරන රුපියල් 75ක ගාස්තුවේ නව සංශෝධනය යටතේ කිසිදු වෙනසක් සිදුකරලා නෑ. නමුත් ඒකක 91 සිට 120 දක්වාත් ඒකක 121 සිට 180 දක්වාත් ස්ථාවර ගාස්තුව රුපියල් 1500 දක්වා වැඩි කරලා තියෙනවා.

⛔එවගේම නවතම සංශෝධනය අනුව ඔබගේ නව මාසික බිල කොපමණක්ද කියා පහත Calculator එක භාවිතයෙන් ඔබටම ගණනය කල හැක.

✳️ElectricityBillCalculator2023


ආගමික ස්ථාන හා පුණ්‍යාගාමික ස්ථාන සඳහා

ආගමික ස්ථාන හා පුණ්‍යස්ථාන සඳහා පළමු ඒකක 30 සඳහා ඒකකයකට අයකළ රුපියල් 08ක ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කර ඇත. එයද හතර ගුණයකට ආසන්න වැඩි කිරීමකි.  ඒකක 31 සිට 90 දක්වා කාණ්ඩය යටතේ රුපියල් 15ක්ව පැවති ඒකකයක මිල රුපියල් 37ක් දක්වා වැඩි කර තිබේ. එය දෙගුණයකට අධික වැඩි කිරීමකි.

ආගමික ස්ථාන හා පුණ්‍යස්ථාන සඳහා ඒකක 180ට වැඩි සෑම ඒකකයකටම අයකළ රුපියල් 32 ක ගාස්තුව රුපියල් 50 කට වැඩි කර තිබේ.

ආගමික ස්ථාන හා පුණ්‍යස්ථාන සඳහා මුල් ඒකක 30ට අය කළ රුපියල් 90 ක ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත්, ඒකක 31 සිට 90 දක්වා කාණ්ඩයට රුපියල් 120 ක ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත්, 180ට වැඩි කාණ්ඩය සඳහා අය කළ රුපියල් 1500 ක ස්ථාවර ගාස්තුව රුපියල් 2000 දක්වාත් වැඩි කර තිබේ.


කර්මාන්ත අංශය සඳහා

කර්මාන්ත අංශය සඳහා පළමු ඒකක 300 කාණ්ඩය යටතේ එක් ඒකකයකට අය කළ රුපියල් 20 ක ගාස්තුව වැඩි කර ඇත්තේ රුපියල් 26 ක් දක්වා පමණකි.

කර්මාන්ත අංශය සඳහා පලමු ඒකක 300 සඳහා අය කළ රුපියල් 960 ක ස්ථාවර ගාස්තුව රුපියල් 1200 දක්වාත්, ඒකක 300ට වැඩි ‍සෑම කර්මාන්තයක් සඳහාම අය කළ රුපියල් 1500ක ස්ථාවර ගාස්තුව වැඩි කර ඇත්තේ රුපියල් 1600 දක්වා පමණකි.


පොදු කාර්යන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා

පොදු කාර්යන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා පළමු ඒකක 180ට අඩු කාණ්ඩයට රුපියල් 25ක් පැවති ඒකකයක මිල රුපියල් 40ක් දක්වාත්, ඒකක 180ට වැඩි කාණ්ඩය සඳහා අය කළ රුපියල් 32 ක ඒකක ගාස්තුව රුපියල් 47 දක්වාත් වැඩි කර තිබේ.

පොදු කාර්යන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා පළමු ඒකක 180 සඳහා අය කළ රුපියල් 360ක ස්ථාවර ගාස්තුව රුපියල් 1000 දක්වාත්, ඒකක 180ට වැඩි කාණ්ඩ සඳහා අය කළ රුපියල් 1500ක ස්ථාවර ගාස්තුව රුපියල් 1600 දක්වා වැඩි කර තිබේ.

Electricity Tariff Revision in First Quarter of New Year 2023
Electricity Tariff Revision in the First Quarter of New Year 2023

🔰 කතෘ අයිතිය : Electronic පන්තිය

තවත් ඔබට වැදගත් ලිපියකින් නැවත හමුවෙමු.

එතෙක් ඔබට සුභ දවසක්..!

Electronic ලෝකයේ🌏 දැනුම බෙදාගන්න එන්න අපත් සමග එකතුවෙන්න.!!❤

මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා චෝදනා, සහ අඩුපාඩු comment හරහා යොමු කරන්න අමතක කරන්න එපා.



Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.
Post a Comment